ඉරිතැලුණු පොළොවෙ පැල්මවල් අස්සෙන් වතුර පේලි බොහෝමයක් පොළොවට උරාගන්න අයුරු බලන් හිටියේ පුදුමාකාර තෘප්තිමත් හැගිමකින්.ගිණිගත්තු හිරු එළියෙන් ඉරි තැලිල වේලුනු පොළොව පුරාම වැහි බිංදු නිසා ඉපදුනු නැවුම් සුවද දැනෙත්ම හදවතින් ගලන හැම ලේ බිංදුවක්ම නැවුම් වනවා සේ මට දැනුණි.මං සෙමින් මගේම පපුව පුරා මගේ ඇගිළිතුඩු වලින් පිරිමැද්දෙමි..
මාර්තු මාසය පුරාවටම විටින් විට අහස වළාකුලු වලින් බර විය.ඒ අතර විශාල කලු වළාකුලුද බොහෝවිට තිබුනි.එහෙත් මහ වැස්සක් තියා වැහි බිදක්වත් වැටුනේනම් නැත.වළාකුලු තිබුනාට හැම වළාකුලටම වැස්ස ගෙනෙන්නට බැරි බව මං වටහා ගත්තා.. මා සිතුවේ කලු වළාකුලු වලට පමණක් වැසි ගෙන ආ හැකි බවය්..
ඒත් මහා කලු වළාකුලු පිරී තිබූ දිනවල පවා සමහර දාට වැස්සේ නැත.. මං නැවත තේරුම් ගත්තේ හැම කලු වළාවකටම වැසි ගෙන ආ නොහැකි බවය්.. නමුදු සියල්ලන්ම වළාකුලුය..
අහස් දියෙන් වගාකරන්නට ගොවිතැන් පටන් ගත්තේය.සියලු ගේ දොර ඉඩකඩම් වතු පිටි පවා උගසට තා මහත් වෙහෙසක් දරා මුලු කෙත් යායක්ම අස්වැද්දුවේය... ඒ දුටු වළාකුල කෙරෙහි විශ්වාසය තබාගෙනය.. කිරි වැදුනු ගොයම් පැළ දැන් හේ ගොස් මිය යමින් පවතිය්.. සියල්ල නැතිවෙමින් පවතිය් සන්තක සියලු දේ අහිමිවෙමින් මා පරාජය වෙනින් සිටිය්.. සියලු වළාකුලු වලට වැස්ස ගෙනෙන්නට බැරි බව දැන් ඔප්පුවී හමාරය.. නමුත් සත්යය පෙනි පෙනීත් මම තවමත් වළාකුල විශ්වාස කරමි.මා රැවටූ මේ වළාකුල මහා වැහි වළාකුලක් රැගෙනවිත් මා අස්වැද්දූ කුඹුර සරු සාර කරාවීයැය් මා තවමත් විශ්වාස කරමි.මා එය දිවි හිමියෙන් අදහමි.. මා අදටත් නුබව විශ්වාස කරනව මගේ මාරුතී..
මං ඔබව විශ්වාසයෙන් ආදර කෙත අස්වැද්දූ දුප්පත් ගොවියා..